ඓතිහාසික
සීගිරිය කැටපත් පවුරට පුස් විශේෂයක් ව්‍යාප්තවී බලපෑම් එල්ල වී ඇතැයි වාර්තාවේ.
කැටපත් පවුරේ ස්ථාන කිහිපයක පැතිරී ඇති මෙම පුස්වර්ගය නිසා ඒ මත ලියා ඇති කුරුටු ගී නොපෙනී ගොස් ඇති බව
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා සඳහන් කළේය, ඒ අනුව විද්‍යාත්මක ක්‍රම අනුවඑම පුස් ඉවත් කිරීම අද ආරම්භ කරන්නට නියමිතය.
කැලණිය විශ්වවිද්‍යාලයේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහයද මෙම වැඩපිළිවෙළට හිමිව ඇත.