බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ දියනිය සුහානා සිනමාවට ප්‍රවිශ්ට වීම ගැන ඊයේ ෂාරුක් අමුතු ප්‍රකාශයක්

සිදුකර ඇත. ඔහු පවසන්නේ එය ඉදිරියේදී සිද්ධවීමට ඉඩ ඇති නමුත් කොන්දේසි සහගත කාරණාවක් වනු අැති බවයි.
‘මං වගේ පස් ගුණයක් කැපවීමෙන් සහ මට වගේ දහයෙන් පංගුවක් වැටුප් ලබමින් ඇය සිනමාවට පිවිසීමක් සිදුවනවා නම් ඇයට මේ ක්ෂෙත්‍රෙය් ඉදිරි අනාගතයක් තිබේවි. මාත් එක්ක වැඩකරන නිළියන් හා සමාන දක්ෂතාවයක් ඇයටත් ඇති බව මට දැනී තිබෙනවා. කොහොම වුණත් එයාට එයාගෙ අධයාපන වැඩ ඉවර වෙලා තමයි ඒ ගැන බලන්න වෙන්නේ‘
ඔහු පවසා ඇත.