බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු(68)ගේ දෙවැනි කසාදයවූ කැමිලා පාකර් (69) ඔහුගෙන් වෙන්වීම ස්ථිරව ඇතැයි එරටින් එන ආරංචි වලින් කියැවේ.
මීට මාස ගණනාවක සිටම ඇය ඔහුගෙන් වෙන්වී හුදෙකලා ජීවිතයක් ගත කරන බවත් රජ පවුල සමග සබඳතා අත්හැර එම කිසිදු නිල උත්සවයකට එක්වන්නේ නැති බවත් වාර්තා වුණා.
මේ නිසා චාල්ස් කුමරු ඉදිරියේදී ඇයගෙන් දික්කසාදය ඉල්ලා සිටිනු ඇති බවත් වාර්තාවේ.
චාල්ස් කුමරුගේ ප්‍රථම ප්‍රේමය බව කියැවුණ කැමිලා තරුණ කාලයේදී යම් යම් හේතු මත ඔහුට විවාහ කරගන්නට බැරිව ගොස් තිබුණ අතර 1973 දී කැමිලා ඇන්ඩෘ පාකර් බෝල්ස් සමග විවාහවූ පසුව චාල්ස් වෙන අතක් බලාගත්තේය.

පසුව ඩයනා සමග පෙමින් වෙලී 1981 ඇය විවාහ කර ගත් චාල්ස් එම විවාහයෙන් දරුවන් දෙදෙනෙකුද ලැබුවේය. මේ අතරවාරයේ කැමිලාටද දියණියක හා පුතෙකු එම විවාහයෙන් ලැබුණ නමුත් 1996දී ඇය ඇගේ විවාහයෙන් දික්කසාදවී සිටියාය.
නැවත තනිවූ කැමිලා සමග චාල්ස් අනියම් ඇසුරක් ඇරඹූවේ ඉන් පසුවයි.

ඩයනා රජ මාලිගයෙන් වෙන්වී ජීවත්වන්නට තීරණය කිරීමත් රජ පවුලේ ප්‍රශ්න පැනනැගීමත් සිදුවූයේ කැමිලා නැවත චාල්ස්ගේ ජීවිතයට ඇතුළුවීම නිසාය. ඩයනාද එකට එක කරමින් වෙනත් අය සමග ජීවිතය ගොඩනගන්නට ඉටාගත්තේ මහ රැජිණගෙන්ද ඇයට පක්ෂපාතීත්වයක් නොලැබුණ විටය. 1996දී චාල්ස් ඩයනාගෙන් දික්කසාදවූ පසුව 1997දී ලෝකයම කම්පාවට පත් කරමින් ඩයනා හදිසි අනතුරකින් මියගියාය. (එය පසුපස රජ පවුලේ කුමන්ත්‍රණයක් තිබෙන බවටද එකල කථා පැතිරිණි)

ඩයනාගේ මරණයෙන් වසර 8 කට පසු 2005දී චාල්ස් කැමිලා සමග නීතියෙන් විවාහ වූයේය.
ගෙවුන වසර 12 ක කාලයේදී චාල්ස් කැමිලා යුවළ බ්‍රිතාන්‍යය තුළ හෝ ලෝකය තුළ එතරම් ප්‍රසාදයට ලක්වූ චරිත වූයේ නැත. ඩයනාගේ දරුවන්ද වඩාත් ගෞරව කළේ මවට මිස පියාට නොවේ.
මෙම කතාන්තරය දැන් අවසන්ව ඇත්තේ චාල්ස් කැමිලාගෙන් දික්කසාදය ලබාගැනීම සමගිනි. මෙම පුවත දැනට  අසනීප තත්වයෙන් පසුව 2 වන එළිසබෙත් රැජිණට දරන්නට අපහසු ආරංචියක් බව රජ මාළිගයේ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත දන්වා ඇත. ඔවුන් හැකි පමණ මේ දෙදෙනා නැවත එකතු කරන්නට ප්‍රයත්න දරන මුත් එය සාර්ථක නැති බවද කියා ඇත.