2017 වසර සඳහා 1 ශ්‍රේණියේ සිසු දරුවන්ගේ නව පාසල් වාරය හෙට (11) ආරම්භවීමට නියමිතව තිබියදී
කොළඹ රාජකීය විද්‍යාලය ඇතුළු ජනප්‍රිය
පාසල් කිහිපයක එම කටයුත්ත තාවකාලිකව කල්දමා ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි හෙළි කරනවා.

දරුවන් තෝරා ගැනීමේදී ව්‍යාජ ලිපිනයන්හි ඇත්තටම සිටින බව පවසමින් රංගනයන්හි නිරතවූ මාපියන් සම්බන්ධයෙන් සහ තවත් කූඨ ලේඛන සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලංකා ගුරු සංගමය මගින් ඇමතිවරයා දැනුවත් කළ පසුව

ඒවා ගැන විමර්ශනයක් තවම සිදුකරමින් පවතින නිසා මෙම තීරණය ගත් බව අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්‌ටිආරච්චි මහතා පැවසීය.
 එමෙන්ම දිවයින පුරා පිහිටි පාසල්වලට පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගන්නා ආකාරය පිළිබදව විමර්ශනය
කිරීමට කණ්ඩායම් කිහිපයක් ද යොදවා ඇති බව වාර්තාවේ.