ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ සාකච්ඡාවේදී මාධ්‍ය විමසූ පැනයකට පිළිතුරු දුන් විමල්ට පෙර එම අමාත්‍යංශය භාරව සිටි ඇමති රාජිත සේනාරත්න දන්වා සිටියේ මෙම චෝදනාව සමග හිටපු සභාපති අශු මාරසිංහ
අත්අඩංගුවට නොගත්තේ මන්දැයි

ඒකාබද්ධ විපක්ෂය අසන පැනය අර්ථ විරහිත බවයි.
හිටපු සභාපතිවරයා විමල් ඇමතිධූරය ලබාගෙන ටික දිනකින් ජනවාරි මාසයේදී එම සභාපති පුටුවෙන් ඉල්ලා අස්වූයේ මේ ආකාර අවභාවිතාවන්ට එකඟවන්නට බැරි බව දන්වා සිටිමෙන් අනතුරුව බවත් බී වාර්තාවේ දැක්වෙන සියලුම අවභාවිතාවන් එම සභාපති සේවයෙන් ඉවත්වූ පසුව වාර්තාවූ ඒවා බවද තහවුරු කළා.
මේ අතර නි.ඇමති අජිත් පී පෙරේරා පැහැදිලි කර කියා සිටියේ විමල් හිටපු ඇමතිවරයා පොලිසියට මේ ගැන දුන් කට උත්තරයේ දැක්වෙන්නේ විමල් එම නියෝග දුන් බව ඇත්තක් බව පිළිගෙන ඇති බවත්, එම නිලධාරීන්ට ඒවා නොකර සිටින්නට හැකියාව තිබියදී ඒවා කිරීම ගැන තමා වග නොකියන බවද විමල් කියා ඇති බවකි.