ලබන සතියේ නුගේගොඩදී පවත්වන්නට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ රැළියට දැනට ආණ්ඩුවේ සිටින මැති
ඇමතිවරුන් කිහිපදෙනෙකු
එක්වන බවට කටකතාවක් පැතිරී තිබියදී ඒ ගැන ප්‍රචාරය තීව්ර කිරීමේ අටියෙන් උපහාසාත්මක වැකියක් අද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් සිදු කර තිබේ.
මේවන විට විමල් වීරවංශ මහතා සිරගත කොට ඇති බවත්, මාස 3ක් යනතුරු ඔහුට ඇප ලබා නොදෙන බවට එක්තරා ඇමතිවරයෙකු ප්‍රකාශ තිබුණු බවත්, ඒ නිසාම මෙම තීන්දු ලබාදෙන්නේ අධිකරණය විසින්ද, එසේත් නැතිනම් මැති ඇමතිවරුන් විසින්ද යන්න පැහැදිලි  බවත් කියූ ඔහු 27 වන දින නුගේගොඩ රැළියට සහභාගිවන මැති ඇමතිවරුන්ගේ දරුවන්ටද සිරගෙවල්වල ලගින්නට සිදුවනු ඇති නිසා එක්වීමට සිටි අයට එක්නොවන ලෙස උපදෙස් දුන් බව දන්වා සිටියේය.