පාසල් සිසුන් අන්තර්ජාලය භාවිත කිරීමේදී මුහුණ දෙන අහිතකර තත්ත්වයන්ගෙන් මුදා ගැනීම සහ අන්තර්ජාලයේදී මුහුණ පෑ හැකි යම් ගැටලුකාරී
අවස්ථාවන්හිදී  ක්‍රමානුකූලව

විසදා ගැනීමට පාසල් පරිගණක ආරක්ෂණ සිදුවීම් ප්‍රතිචාර සංසදයක් පිහිටුවා ඇත.
 අධ්‍යාපන අමාත්‍යාංශ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයත් ජාතික ළමා ආරක්ෂක අධිකාරියත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලත් මෙයට එක්වී සිටී.
අන්තර්ජාලය භාවිතයත් සමඟ වර්තමානයේ ඉහළ යන විවිධ ගැටලුකාරී තත්ත්වයන් අවධානයට ලක් කොට දීප ව්‍යාප්තව මෙම සංසදය ව්‍යාප්ත කිරීමේ අරමුණින් අධ්‍යාපන කලාප මට්ටමින් ගුරුවරුන් දහසක් පුහුණු කිරීම මේ අනුව ආරම්භ කර ඇත.
ඉදිරියේදී මේ පාසල්  සංසද පාසල් මට්ටමින් ස්ථාපිත කර තොරතුරු තාක්ෂණ ශිෂ්‍ය සමාජ සමඟ එක්වී කටයුතු කරනු ඇති බවද වාර්තාවේ.

(හර්ෂණී අර්සකුලරත්න)