හිසට නිවසේ බ්ලොක් ගල් බිත්තිය ඇද වැටී
පියා බලා සිටියදීම අයියා සමග
සෙල්ලම් කරමින් සිටි 8 හැවිරිදි දැරිය මරුට


හෝමාගම පිටිපන ගබඩාවත්ත ප්‍රදේශයේ නිවසක 8 හැවිරිදි දැරියක බිත්තියක් හිස මත වැටීමෙන් අවාසනාවන්ත ලෙස පෙරේදා මිය ගොස් තිබුණා. බ්ලොක් ගල් වලින් ඉදිකර තිබුණ මෙම නිවසට යාබදව තවත් කාමරයක් ඉදිකිරීම සඳහා බිත්තියක් බැඳ තිබී ඇති අතර
අඩි 4 ක් පළල අඩි 8 ක් පමණ



උස බව කියූ එම බිත්තිය ආධාරකවලින් තොරව වැඩ නිම නොකර නිවසේ මිදුලේ ඉදිකර තිබී ඇත.
මෙම ඉදිකිරීම සිදුකර ඇත්තේ යුද හමුදා සිවිල් සේවකයෙකු වන දැරියගේ පියා විසිනි.

පෙරේදා 8 හැවිරිදි පාසල් දැරිය ඇගේ වැඩිමල් සොයුරා සමග සෙල්ලම් කරමින් සිටි අවස්ථාවක මෙම අනතුර සිදුව ඇත්තේ දැරියගේ පියාද නිවසේ දොර අසළ ඔවුන් දෙස බලා සිටින වෙලාවකය.

දැරිය එක්වරම නිවසේ දොර වෙත දිව එද්දී බිත්තිය හිස මත වැටෙනු තමා දුටු නමුත් ඇයව ඉන් බේරාගන්නට තරම් දුරකින් නොසිටි බව ඔහු කියා තිබේ. හිස මතට බ්ලොග් ගල් බිත්තිය වැටුණ පසුව ඇයගේ හිසේ බරපතල තුවාල ඇතිවී ලේ වහනය වන්නට පටන් ගෙන තිබෙන අතර වහාම ඇයව රෝහල වෙත රැගෙන යන්නට කටයුතු යොදා ඇත. නමුත් ඇයව රෝහලට ගෙන යන අතරමගදී අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වෛද්‍යවරුන් පවසා ඇත්තේ හිසේ සිදුවූ බරපතල තුවාල නිසා මරණය සිදුව ඇති බවයි.
 හෝමාගම පනාගොඩ යුද හමුදා විදුහලේ තෙවැනි වසර අධ්‍යාපනය ලබමින් සිටි ආර්.එම්. සෞභාග්‍යා මුතුමාලි නමැති දැරිය මෙම අනතුරින් මියගියා.