පසුගිය අයවැය මගින් හදුන්වාදුන් දඩ මුදල් සංශෝධනය සම්බන්ධයෙන් රජයෙන් සුළු සහන නොව මුළුමණින් කපා ඉවත් කිරීම් සිදු කළ යුතු බවට බලකරමින්
 අද (01) මධ්‍යම රාත්‍රියේ 


අන්තර් පළාත් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය හා සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය අතුළු සංගම් කිහිපයක් මුල්වී දීප ව්‍යාප්ත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම වර්ජනයට  අධිවේගී මාර්ග ඇතුළුව බස් රථ දහඅටදහසක්, පාසල් වෑන් රථ, ත්‍රිරෝද රථ, ට්‍රක් රථ, යතුරුපැදි ආදී ප්‍රවාහන සංගම් 26ක් එක්වන බව වර්ජකයින් පවසා ඇත.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මෙම වර්ජනයට සහාය පළකර නැත.
කෙසේ වෙතත් මෙම වර්ජනයෙන් මහජනතාවට පීඩාවක් ඇති නොවන්නට ලංගම බස් රථ සේවකයින්ගේ නිවාඩුද අවලංගු කර එම සේවාව වෙනදාට වඩා කාර්යක්ෂම කරන්නට රජය පියවර ගෙන ඇත.
මීට අමතරව දුම්රිය සේවා වෘත්තීය සමිති සන්ධානයද පවසා ඇත්තේ ඔවුනගේ සේවා ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන අද රෑ සිට වර්ජනය අරඹන බවයි.එයට දුම්රිය රියදුරු සංගමය එක් නොවන බවද පවසා ඇත.