1818 උඩරට කැරැල්ල මෙහෙයවූ කැප්පෙටිපොළ අදිකාරම් ඇතුළු උඩරට නායකයන් රාජෙද්‍රෝහීන් ලෙස සලකා එවක ආණ්‌ඩුකාර රොබට්‌ බ්‍රවුන්රි විසින් නම් කරන ලද ගැසට්‌ පත්‍රය අවලංගු කරන ලෙසට ඉල්ලා අධිකරණ හා
බුද්ධශාසන ඇමැති විඡේදාස රාජපක්‍ෂ ජනාධිපති

මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නිර්දේශයක් ඉදිරිපත් කර ඇත.
මේ දක්වා  19 දෙනෙකු 1818 ජනවාරි මස 10 වැනි දින අංක 851 දරණ ලංකා ගැසට්‌ පත්‍රයක්‌ මගින් රාජෙද්‍රෝහීන් ලෙස නම් කර තිබූ අතර ඉතිහාසයේ සිදුවූ මෙම වරද කාලයක් තිස්සේ සාකච්ඡාවට ලක්වෙමින් පැවතිණි. එය නිවැරදි කළ යුතු බවට අධිකරණ ඇමතිවරයා දන්වා සිටී.
ඉංග්‍රීසින්ගෙන් රට බේරා ගැනීමට සටන් කළ මෙම නායකයන් 19 ජාතික වීරවරයන් වියයුතු බව දක්වා ඇති අතර ඔවුන් මෙසේය.
කැප්පෙටිපොළ දිසාවේ,
ගොඩගෙදර රටේ අදිකාරම්,
කැටකාල මොහොට්‌ටාලේ,
මහා බෙත්මරාලේ,
කුඩා බෙත්මරාලේ,
පොල්ගොල්ල මොහොට්‌ටාලේ,
වත්තේ කැලේ මොහොට්‌ටාලේ,
පොල්ගහගෙදර රෙහෙනරාලේ,
 පොසේරෙවත්තෙ විදානේ,
 කිව්ලේගෙදර මොහොට්‌ටාලේ,
යාලගොම්මේ මොහොට්‌ටාලේ,
උඩමාදුරේ මොහොට්‌ටාලේ,
කොහුකුඹුරේ රටේරාලේ,
කොහුකුඹුරේ වලව්වේ මොහොට්‌ටාලේ,
බුටුවේ රටේරාලේ, බගිනිගහවෙලා රටේරාළ,
මහාබදුල්ලේ ගම්මානේ රටේරාළේ,
බුළුපිටියේ මොහොට්‌ටාලේ
පල්ලේ මල්හෙයායේ ගමැතිරාළේ