අපි ආයෙ බැඳලා පෙන්නුවේ
කලා පවුල් ජීවිත අසාර්ථක නෑ කියල
-ශ‍්‍රියන්ත මෙන්ඩිස්ගෙන් විවේචන වලට පිළිතුරු

පසුගියදා ප‍්‍රවීණ නළු නිළි යුවළක් වන ශ‍්‍රියන්ත හා කුසුම් ඔවුනගේ 30 වන විවාහ සැමරුම වෙනුවෙන් උඩරට විවාහ ඇඳුමින් සැරසී ඡායාරූප වලට පෙනී සිටියා. ඒවා වෙබ් අඩවි මෙන්ම පුවත්පත් රැසකද පළ කර තිබුණා.
මෙම ඡායාරූප පළවූ පසුව පාඨකයින් රැසක්ම ඒ ගැන අදහස් දක්වා තිබුනේ විවේචනාත්මක ලෙසයි. අනෙක් නළු නිළියන් මෙන් රැල්ලට වැඩ කරන්නට මේ අය පෙළැඹී තිබීම එක් විවේචනයකි.දරු මුණුපුරන්ද සිටින ආච්චී සහ සීයා කෙනෙකු මෙලෙස ඡායාරූපවලට පෙනී සිටීම විහිළුවක් ලෙසද
ඇතැම් අය කියා තිබුණි. ශ‍්‍රියන්ත කුසුම් කතෝලික චාරිත‍්‍ර අනුව විවාහවූ අය නිසා මෙලෙස හැඩවීමද ගැටලූකාරී බව ඇතැම් අය පවසා තිබුණි.
මෙම විවේචන වලට පිළිතුරු ඔවුන් එම ඡායාරූප ලබාගන්නා අවස්ථාවේම මාධ්‍ය වෙත සපයා තිබෙන අතර පහත පළවන්නේ සඳැල්ල අතිරේකයට ඔවුන් ලබාදී තිබුණ අදහස්ය.

”කුසුම්” ඇයි ඔබට මේ විදියෙ අදහසක් ඇති වුණේ?



මේ වගේ අදහසක් අපට තිබුණෙ නැහැ. නව පරපුරේ දක්ෂයින්ට අපි ශක්තියක් වෙන්න  ඕන කියල හිතලයි මේක කරේ. ඇඳුම් නිර්මාණ ශිල්පී ප‍්‍රනීත් රණවීර පුතා තමයි මේ අදහස ගෙනාවේ. එතකොට මම කිව්වේ, පුතේ ශ‍්‍රියන්ත මාමාව මේ වැඬේට කැමති කරවා ගන්න එක ලෙහෙසි දෙයක් නෙවෙයි. එයා මේකට කැමති වෙයිද දන්නෙත් නැහැ කියලයි. නමුත් අතිශය කාර්යබහුලව සිටින අතරේ ශ‍්‍රියන්ත ඊට අවකාශය ලබාදුන්නා. අපි කලින් සැලසුම් නොකළත් නැවත අපි දෙන්නා මනාල යුවළක ලෙස හැඩගැන්වීම සිදුවුණාම අපිට ලොකු සතුටක් ඇති වුණේ. ලෝ ප‍්‍රකට ක‍්‍රීඩක ඩිල්ෂාන්ගෙ ඞීපැවිලියන් ස්ථානයේ තමයි අපි ඡායාරූප වලට පෙනී සිටියේ.

ශ‍්‍රියන්ත දැන් මේ වගේ අවස්ථා විලාසිතාවක්නේ රැල්ලක්නේ.පසුගිය දිනෙක අපේ ප‍්‍රවීණ ජනප‍්‍රිය යුවළකුත් මේ විදියට සැමරුවා. මේක කළේ ජනප‍්‍රියත්වයට සහ සමාජයේ කතාබහකට ලක්වීම අරමුණට නෙමේද?

කොහෙත්ම එහෙම දෙයක් නොවෙයි. සාමාන්‍යයෙන් කලාකරුවන්ගේ පවුල් ජීවිත අසාර්ථකයි යන මතය සමාජයේ සමහර අය අතර තිබෙන දෙයක්. නමුත් ජීවිතයේ වටිනාකම දැනෙන විට හරියට උපන්දිනය අවුරුදු පතා සමරනවා. ඒ වගේ අපට විවාහ දිනයත් සමරන්න පුලූවනි. අනෙක කලාකරුවන්ගේ පවුල් ජීවිත අසාර්ථක නැහැ කියන පණිවුඩය අපට සමාජයට දෙන්න පුලූවනි. කුසුම්ට සහ මට ඒ අභිමානය තියෙනවා. අපට අනවශ්‍ය ජනප‍්‍රියත්වයක් ගන්න අවශ්‍ය නැහැ. ප‍්‍රචාරයක් ගන්නත් අවශ්‍ය නැහැ. හැබැයි අපට සමාජයට සාධාරණීය පණිවුඩයක් දෙන්න පුළුවනි. එනම් අද විවාහ වෙලා හෙට දික්කසාද නොවෙන්න කියන එක. අපි දෙන්න තවමත් එදා හිටපු ඒ ජෝඩුවම තමයි.

”කුසුම්” ඇත්තද ඒ කතාව? එදා හිටපු ඒ ජෝඩුවමද මේ?

අපි දෙන්නා අද වන විට ආච්චි සහ සීයා තමයි. ඒ ආච්චි සහ සීයාගේ විවාහය නැවතත් අලූත් වුණා. එදා වගේම අදත් හෙටත් අපි දෙන්නා ආදරණීය ජෝඩුවක්.
මේකට උත්සව නැහැ. සුපුරුදු විදියට අපි දාන - පින්කම් කරන්න කැමතියි. අත්තිඩියෙ ”මෙත් සෙවණ” ළමා නිවාසයට ගොස් ඒ පිංකම කරන්න කටයුතු යෙදුවා. ඒ සතුට තරම් දෙයක් එදාට තවත් නැහැ.

සාකච්ඡාව - සඳුන් ගමගේ (සඳැල්ල, ලංකාදීප)

එම ඡායාරූප එකතුව නැවතත් පහතින්
http://www.gallery.gossiplankanews.com/wedding/shriyantha-medis-kusum-renu-30th-wedding-anniversary.html
Photography - Sandun Gamage, Make Up - Lakkitha Ukwaththa, Bride Dress - Praneeth Ranaweera, Nilame Dress - Sandakada Nilame Andum, Location- DPavilion