‘මේවා නිර්දේශ අපේ බලපෑමක් නෑ - මේක තමයි යහ පාලනය..’
දිගටම ආ උසුළු විසුළු මැද

කෝප් වාර්තාවෙන් පසු
අගමැති රනිල්ගේ කතාව
(video)


අද පාර්ලිමේන්තුවේදී මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ කෝප් කමිටු වාර්තා නිර්දේශ එම කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා විසින් ඉදිරිපත් කිරීමෙන් පසු උණුසුම් තත්වයක් ඇතිවුණා.
එම අවස්ථාවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ කළ කතාවටද විවිධ උසුළු විසුළු බාධක ආ අතර
ඔහු පෙන්වා දුන්නේ මෙම නිර්දේශ වලට තමන් ගරු කරන බවත්

ඉදිරි කටයුතු සිදු කරන්නට කැමති බවත්ය. එසේම මෙවැනි නිර්දේශ ලබාදෙන්නට හැකිවූයේ තෝරාගත් පිරිසකගේ කමිටුවක් නොව පුළුල් අදහස් එකතුකරන ඔව්ර්සයිට් කමිටු ක‍්‍රමයක් මෙහි ඇති නිසා බවත්ය.

මේ විනිවිදභාවය දායාද වූයේ මෛත‍්‍රිපාල සිරිසේන ජනපතිවරයා මුල්වී ඇති කළ යහපාලන රජය නිසා බවත් මෙවැනි සාධාරණ පරීක්ෂණ එසේ නොවන්නට ඉදිරිපත් නොවිය හැකි බවත් ඔහු පෙන්වා දුන්නා.

එම අවස්ථාවේ උද්වේගකර ලෙස අගමැතිවරයා කතා කළ අතර විරුද්ධ පක්ෂයේ දැඩි බාධා කිරීම් හා උසුළු විසුළු ඇතිවුණා.
එම  වීඩියෝව පහතින්