කොළඹ මට්ටක්කුලිය සමිට්පුර ක්‍රීඩාංගණය අසලදී පෙරේදා රාත්‍රි 4 දෙනෙකු මරණයට පත් කරමින් සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය පාතාල සාමාජිකයන් දෙපිරිසක් අතර දැනට වසර දෙකකට පෙර ඇතිවූ ආරවුලක කෝන්තරයක් පිරිමසා ගැනීමට සිදු කළ එකක් බව දැන් අනාවරණය වී තිබේ. මෙහි දෙපාර්ශ්වයේ මව සහ
පියා ඝාතනය කළ වෛරයක කෝන්තරයක පසුබිමක් සැඟවී ඇති බව පොලිස්


පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති පාතාල නායකයා එම ක්‍රීඩාංගණය අසලම නිවෙසක පදිංචි වී සිටින අයකු වන අතර එම වෙඩි ප්‍රහාරයෙන් මියගිය අනෙක් පාර්ශ්වයේ පාතාල නායකයා චූටි උක්කුං නොහොත් නුවන් සංජීව පෙරේරා නමැත්තා ඔහුගේ මිත්‍රයන් හතර දෙනකු සමඟ මෝටර් රථයකින් එම ක්‍රීඩාංගණයේ පැවැති එල්ලේ තරගයක් නරඹමින් සිට ආපසු යෑමට සූදානම් වෙද්දී මෙම වෙඩි ප්‍රහාරයට ගොදුරු විය.

සිද්ධියෙන් හතරදෙනකු මියගොස් තවත් තිදෙනකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර තිබුණි
වෙඩි තැබීමෙන් මියගිය චූටි උක්කුං නමැත්තාගේ මව රොෂාන් නමැති පාතාල නායකයා විසින් 2014 වසරේදී ඝාතනය කර ඇති අතර එදිනම රාත්‍රි රොෂාන්ගේ පියාව චූටි උක්කුං නමැත්තා විසින් ඝාතනය කිරීමේ අතීත සිද්ධීන් දෙකක්ද සිදුවී ඇත.
වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකරන පාතාල නායක‍ රොෂාන් නමැත්තා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබේ.