ගාල්ල කරාපිටිය රෝහලට අනුයුක්ත යෝජිත පිළිකා රෝහලට ආධාර පිණිස ක්‍රිකට් ක්‍රීඩක මහේල හා සංගා ප්‍රමුඛ කරගෙන අරමුදල් රැස්කරන ආයතන සිදුකෙරෙන පාගමන හේතුවෙන් ගාලුපාරේ වාහන ගමනාගමනය
අද උදෑසන කාලයේ සීමා කිරීමට සිදුවන බව පොලීසිය පවසයි.
උදෑසන 6.00 සිට ගාලුමුවදොර පිටියේ සිට මොරටුව දක්වා

මෙම පාගමන සංවිධානය කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
 මෙම පාගමන ගාලුමුවදොර පිටියෙන් ආරම්භ කර කොල්ලුපිටිය හංදිය දක්වා ගමන් කර කොල්ලුපිටිය හංදියේ සිට වැල්ලවත්ත දක්වා ගාලුපාර ඔස්සේ විරුද්ධ දිසාවට ගමන් කිරීමට සැලසුම් කර ඇත.
 මේ හේතුවෙන් මාර්ග අවහිරතාවක් ඇති වීමට ඉඩ ඇති බැවින් එම මාර්ගයේ ගමන්ගන්නා මහජනතාව සහ රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිත කිරීමට කටයුතු කරන ලෙස පොලීසිය ඉල්ලීමක් කරයි.
මෙම පාගමන ඉදිරි දිනවලත් සිදුවන අතර දෙවුන්දර තුඩුව දක්වා ගමන් කරන්නකි.