‘ලේ ආපු නිසා සැකයි‘
විමල්ගේ නිවසේදී මියගිය ළහිරුගේ
මාමා කියන කතාව (Audio)

පසුගියදා පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශගේ හෝකන්දර නිවසේදී මියගොස් තිබුණ ළහිරු ජනිත් දිසානායක නමැති (24) තරුණයා සම්බන්ධ මරණ පරීක්ෂණයේදී මළ සිරුරේ තැලීම් සීරීම් ඇති බවත් නාසයෙන් ලේ ගැලීම් සිදුව ඇති බවත් දක්වා මරණය සැකසහිත බවට නම් කර මේ වනවිට විවෘත තීන්දුවක් ලබාදී ඇත.
පියා මියගොස් සිටින ළහිරු ජීවත්වූයේ මව සමගය. ඔහුට සොයුරියකද සිටී. විමල්ගේ බිරිය ශෂී සහ ළහිරුගේ මව එක්වී විමල්ගේ නිවසේ ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක් කරගෙන යන නිසා
ළහිරු නිතර එහි ආගිය අතර විමල්ගේ පුතුගේ මිතුරන් කණ්ඩායමේද සාමාජිකයෙකු විය.ඔහුගේ නිවස විමල්ගේ නිවසට යාබදව පිහිටා ඇති අතර එයට ආසන්න නිවසක ළහිරුගේ මවගේ සොයුරා හෙවත් මාමාද පදිංචිව සිටී.මේ මරණය ගැන සැකයක් ඇති බව ළහිරුගේ මාමා ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්  හෙළි කර ඇත. බී.එල්. දයාපාල නමැති ඔහු ඊයේ දක්වා තිබුණ අදහස් පහත පරිදිය.




‘මගෙ නංගිට පුතයි දුවයි ඉන්නෙ මේ නැතිවුණ ළහිරු තමයි පුතා.එයා හෝටලේකයි රැකියාවක් කළේ. මගේ නංගි රූපිකා එක්ක ශෂී වීරවංශ ඇඳුම් මහන බිස්නස් එකක් කරනවා. ඒ ඇසුර නිසා තමයි ළහිරු පුතාත් එහාට නිතර යන්න එන්න ගත්තෙ.

ඒ ගෙදර පුතා එක්ක නිතර ගමන් බිමන් යනව එනවා.කණ්ඩායමක් විදිහට හිටියා. ඒ යන අතරේ මීට මාස එකහමාරකට විතර උඩදි පොලිස් රාළහාමි කෙනෙකුට බැණලා සිද්ධියක් වුණා.

කට්ටිය ඔක්කොම වාහනේ ඉඳිද්දි බැණලා අන්තිමට මෙයාව තමා අහුවුනේ. දැන් ඇප පිට තමයි හිටියෙ. ඒ ගොල්ලො කවුරුවත් ඒ ප‍්‍රශ්නෙට ඉදිරිපත් වුනේ නෑ.
ඒකත් ගියේ මෙයාගෙ පිටින් තමයි. නංගි ඊට පස්සෙ එහේ යන්න එපැයි කියල මෙයාට සැර කරල තිබ්බෙ.

පෙරේදා මේ සිද්ධිය වෙච්ච දවසෙ මේ පුතාගෙ පඩි දවස. එයා පඩි අරගෙන ඇවිල්ලා අම්මට පඩිය දීලා. අම්මෙ මං රුපියල් 500 ක් අරන් ෆෝන් එකට කාඞ් එකක් දාගන්නව කියල ගියපු ගමන තමයි එහාට ගිහින් තිබුනෙ. එහාට හවස ගිහිල්ලා දැන් ඔය ප‍්‍රශ්නය වෙනකං අපි දන්නෙත් නෑ මොකක්ද වුනේ කියලා.
එයා බොන්නෙ නැත්තෙ නෑ. බොරු කියන්න බෑනෙ. ඒගොල්ලොනෙ කියන්නෙ එහේ පාටි දැම්මා කියලා. හැමදාම එහේ පාටි තමා. කට්ටිය හත් අට දෙනෙක් එකතු වෙනවනේ.

සිද්ධියෙන් පස්සේ නංගිට මේගොල්ලො උදේ 8.30 ට විතර කෝල් කරලා තිබුණා.
ඊට පස්සෙ තමා දන්නෙ. එයාට වුණ අසාධාරණේ එයා කියන්න එපැයි. සාධාරණේ අසාධාරණේ කියන්න පුළුවන් මේක වෙන එකක් බලලා තමයි එතකං කියන්න බෑ. ඒත් අපිටත් සැකයි..මොකද ලේ ආපු හින්දා‘

(වාර්තාව - අයිරංගි එදිරිසිංහ)

එම විස්තරයේ  ඕඩියෝව පහතින්

සිද්ධිය සම්බන්ධ පෙර වාර්තා
  • විමල්ගේ නිවසේදී මියගිය තරුණයාගේ සිරුරේ තැලීම් ඇති බවට මරණ පරීක්ෂක වාර්තා ශරිර කොටස් රස පරික්ෂක වෙත මෙතැනින්
  • විමල්ගේ නිවසේ රාත්‍රිය ගතකළ තරුණයා පසුදා මියගොසින් එයාගෙ තාත්තත් මැරුනෙ ඒ විදියට - ශෂී වීරවංශ මෙතැනින්