මේ දක්වා රජයේ කිසිදු නියාමනයකින් තොරව පවත්වාගෙන යන ජාත්‍යන්තර හා පුද්ගලික පාසල් ඉදිරියේදී
නියාමනය කිරීමටත් ගාස්තු අවම කිරීමට කටයුතු යෙදීමටත් රජය වැඩපිළිවෙලක් සකසා ඇති බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.



මේ දක්වා නීති ප්‍රතිපාදන නැතිකමින් නියාමනයක් සිදු නොවූ මෙම පාසල් වෙනුවෙන් නීති පද්ධතියක් සකස් කිරීම ඉදිරි ආසන්න දිනකදී ක්‍රියාත්මක කරන්නට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලැස්ම යටතේ සිදුවනු ඇති බවත් ජාත්‍යන්තර පාසල් හා පුද්ගලික

පාසල් අත්තනෝමතික ලෙස සිදු කරන බවට වාර්තාවී ඇති ගාස්තු අයකිරීම් පිළිබද නිසි ක්‍රමයක් සකසන්නටත් අනෙක් අධ්‍යාපන කටයුතු සදහා ප්‍රමිතියක් සකස් කරන්නටත් ඉදිරියේ පිහිටුවන ස්වාධීන අධ්‍යාපන පරීක්ෂණ මණ්ඩලයක් මගින් සිදුවනු ඇති බව ඔහු දන්වා සිටියා.
ඒ ගැන පැහැදිලි කළ ආකාරය වීඩියෝව පහතින්