කොළඹ හා තදාසන්න නගරවල දිනපතා උදේ පවතින මාර්ග තදබදයට විසඳුමක් ලෙස වැඩිම පිරිසක් එක්වන රජයේ රැකියා අංශයේ කාර්යාල වේලා වෙනසක් සිදු කිරීමට යෝජනාවක් ඉදිරිපත්ව
ඇත.
ප්‍රවාහන අමාත්‍යංශය මහාමාර්ග අමාත්‍යංශය මෙන්ම මහනගර හා බස්නාහිර පළාත් අමාත්‍යංශය මේ පිළිබඳ පසුගියදා සාකච්ඡා පවත්වා ඇති අතර මුලින්ම නියමු ව්‍යාපෘතියක් ලෙස බත්තරමුල්ලේ රජායේ කාර්යාල වේලාව පැමිණිම උදේ 8 වෙනුවට 9.30 ද පිටවීම සවස 4 වෙනුවට 5.30 ලෙසද වෙනස් කරන්නට යෝජිතය.
මේ සඳහා ඉදිරියේදී අනුමැතිය හිමිවනු ඇති බවට ආරංචි පවතී.