රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍ය නිවසේදී
සිරස මාධ්‍යවේදියා සමග කලබලයක්

හිරු කැමරාවත් තල්ලූ කර දමයි(video)

ඊයේ සවස කෝට්ටේ මාදිවෙලදී නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක විසින් කැඳවා තිබුණ ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් අවසානයේදී ඔහු සමග වාදයක පැටලූණු මාධ්‍යවේදියෙකු දිගින් දිගටම වාද කරන්නටවූ සිදුවීමක් නිසා ඔහුට කෝපය මතුවී කැමරාවක් තල්ලූ කර බැණවැදීමේ සිද්ධියක් ඇතිවුණා.
මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබුනේ ලසන්ත වික‍්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධ පැහැදිලි කිරීම් කිහිපයක් සිදු කරන්නටය. එම අවස්ථාවේ සාකච්ඡාව අතරතුර
මාධ්‍යවේදියෙකු ලසන්තගේ ඝාතනය හා හිටපු ජනපති අතර සම්බන්ධයක් ඔප්පු කරන්නට බැරි බව කියමින් රන්ජන් සමග වාද කරන්නට වුණා. කරුණු එසේ පළවෙද්දී නි.ඇමති රන්ජන් ඒ ගැන තවදුරටත් වාද කිරීම පළක් නැතැයි කියා


‘ජර්නලස්ට්ලා හැටියට ඔබතුමන්ටයි ජර්නලිස්ට් කෙනෙකුගෙ ඝාතනය ගැන ඇත්ත දැනගන්න  ඕනකම තියෙන්න  ඕන’ කියා සාකච්ඡාව කෝපයෙන් හමාර කළ අතර ඉන්පසුව මයික‍්‍රෆෝන වලින් ඉවත්වූ පසුවත් ඔහු සමග සිරස නාලිකාව නියෝජනය කරන මාධ්‍යවේදියා දිගටම වාද කළා.
දිවයින හා ලංකාදීප පුවත්පත් මාධ්‍යවේදීන්ට පසුගිය රජය සෘජුවම පුද්ගලික උදව් කළ හැටි රන්ජන් මතක් කරන ලද අතර ටිකකට පසුව කතාව අතහැර පඩිපෙළක නැගී ඉහළට යන්නට රන්ජන් නි.ඇමතිවරයා උත්සාහ කර තිබුණ වෙලාවේත් නැවත නැවත වාද කරමින් සිරස මාධ්‍යවේදියා රන්ජන් හා පුද්ගලිකව වාදයකට පිවිසුණා. එම අවස්ථාවේදී ඔහුට උත්තර දෙන්නට යද්දී කිසියම් කේන්ති ස්වරූපයකට පත් රන්ජන් මේ සියල්ල වීඩියෝ කරමින් සිටි හිරු කැමරා ශිල්පියාගේ කැමරාවද තල්ලූ කර දමා මාධ්‍යවේදියා අසළට පැමිණ තමා ගැන පුළුවන්නම් වරදක් පෙන්වන ලෙස සැරෙන් මෙන් කියා සිටි අතර එයින් පසුව මාධ්‍යවේදියා නිහඬ වුණා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම මාධ්‍යවේදියා සම්බන්ධ ආයතනය පරීක්ෂණයක් අරඹා තිබෙන බවද වාර්තාවේ.
මෙම සිද්ධියට අදාළ ඬේලි මිරර් වීඩියෝව පහතින්