මහනුවර ගෑනු හුටපටයක් නිසා  
ශිෂ්‍ය නායක සිසුවාට පිහි ඇනුම්

මහනුවර කටුගස්තොට සෙනරත්ගම මහා විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍ය නායක සිසුවෙකුට එම විදුහලේම 10 වසරේ සිසුවෙකු පිහියකින් ඇනීම නිසා බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
මෙම පිහි ඇනුමට මුල්ව ඇත්තේ බාලිකාවක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගැනීමට දෙදෙනාම දරන
උත්සාහයක් නිසා ඇතිවූ පටලැවිල්ලක් බව වාර්තාවේ.


සිසුන් දෙදෙනා අතර මීට පෙර දිනයක මහනුවර නගරයේදී උණුසුම් කතාබහක් සිදුවී අමනාපයක් පැවැති තිබෙන අතර පසුගියදා පාසල තුළදී  10 වසරේ සිසුවා විනය කැඩුවැයි බොරු චෝදනාවක් මත ශිෂ්‍ය නායක සිසුවා ඔහුගේ බලය පාවිච්චි කරමින් දඩුවමක් ලබාදීමට කටයුතු කර ඇත. මේ ආකාරයට දෙදෙනා අතර මෝදුවූ වෛරය පසුගියදා පේරාදෙණිය ප්‍රදේශයේ බාලිකා පාසල අසළදී නැවත පුපුරා ගොස් ඇත.
මෙම දෙදෙනාම යාළුවන්නට තැත්කරන සිසුවිය එනතුරු මග රැක සිටියදී නැවත ආරවුල ඇතිවී පිහි ඇනුම සිදු කර ඇත.පිහි ඇනුම සිදු කළ සිසුවා 16 හැවිරිදි බාලවයස්කාරයෙකි.මෙම අවස්ථාවේදී දෙදෙනා අතර දීර්ඝ බහින්බස්වීමක් ඇතිව 16 හැවිරිදි සිසුවා සඟවාගෙන සිටි කුඩා පිහියකින් 17 හැවිරිදි සිසුවාට ඇන තිබේ. පිහි ඇනුමෙන් තුවාල ලද සිසුවා ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කොට ඇති අතර පිහි ඇනුම සිදුකළ සිසුවා අත්අඩංගුවට ගෙන තිබේ.
මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.