පසුගිය සතියේදී පාර්ලිමේන්තුවට පැමිණි ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය අසුන්ගෙන සිටියේ විපක්ෂය පැත්තේය. විපක්ෂය පැත්තේ සිට ඇය ආණ්ඩු පක්ෂයේ අසුන්ගෙන සිටි සරත් අමුණුගම ඇමැතිවරයාට කුඩා කොළ කැබැල්ලක් යැව්වේ
පාර්ලිමේන්තු සේවකයෙක් අතය.

මට හදිසි ගමනක් යන්න තියෙනවා. වාහනය දෙන්න පුළුවන්දඑම කොළ කැබැල්‍ලේ ගීතා ලියා තිබුණාය.
කොළ කැබැල්ල අමුණුගමගේ අතට පත්වූ විට ඔහු ගීතා දෙස බලමින් සංඥාවක් කළේ වාහනය රැගෙන යන ලෙස දැනුම් දෙමිනි. මේ සියල්ල ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ගේ ඇස ගැටුණි.
ඇමැතිතුමාගේ වාහනයේ ගියාට නම් කමක් නැහැ. ඒත් ආණ්ඩුවට නම් යන්න එපාඅමුණුගමගේ සංඥාව අනුව පිටත්ව යන ගීතා දෙස බලමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කීවේය.
අ‍පෝ නෑ. මම වාහනයේ ගියාට ආණ්ඩුවට නම් යන්නේ නෑ සිනාසෙමින් කී ගීතා සභාවෙන් නික්ම ගියාය.

(තිලක ජය)