වේයන්ගොඩ ‘තොල් පෙති අතරින්’ DVD එක
‘වැඩිහිටියන්ට වඩාත් සුදුසු‘
ටෙලියක් පමණයි - නීතීඥයා තර්ක කරයි


නිළිය,නළුවන් හා අධ්‍යක්ෂ රිමාන්ඩ්




ඊයේ වේයන්ගොඩ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු අසභ්‍ය වීඩියෝ නිර්මාණකරු හා එහි රඟපෑ නිළිය හා නළුවන් දෙදෙනා අද අත්තනගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මහේස්ත‍්‍රාත් දිනේශ් ලක්මාල් පෙරේරා විසින් සැකකරුවන් සිව්දෙනාවම ලබන මස 5 වැනිදා දක්වා බන්ධනාගාර ගතකරනු ලැබුවා.
පොලිසිය සඳහන් කරන්නේ මුළුමණින්ම නිරුවත් ජවනිකා සහිත
මෙම අසභ්‍ය වීඩියෝව
නිෂ්පාදනය කිරීම 1927 අංක 4 දරණ අසභ්‍ය ප්‍රකාශන ආඥා පනතේ සංශෝධිත වගන්ති යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කර ඇති බවකි.

කෙසේ වෙතත් මෙම පිරිස වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මහතා දන්වා සිටින්නේ


මෙම වීඩියෝව ලංකාවේ කිසිම ප‍්‍රසිද්ධ නාලිකාවක හෝ බාහිර ප‍්‍රදර්ශනයක් හෝ නොකරන ලද්දක් බවත් වැඩිහිටියන්ට වඩාත් සුදුසු යන ලේබලය යටතේ නිර්මාණය කර 18 ට වැඩි අය සඳහා අලෙවි කළ ටෙලි නාට්‍යයක් පමණක් බවත්ය. එය ‘නිල් වීඩියෝවක්’ නොවන බව ඔහුගේ තර්කයයි.
කෙසේ වෙතත් මේ ගැන ඉදිරියට පරීක්ෂණ පවත්වනු ඇත.
නඩු භාණ්ඩ ලෙස මෙම DVD පටයේ පිටපත් 6000 ක්ද ඉදිරිපත්ව තිබුණ අතර ‘තොල් පෙති අතරින්’ නමින් කවරය සරසා තිබුණ එම DVD පටයේ ‘වයස 18 ට අඩු අයට විකිණීම තහනම්’ යනුවෙන්ද සටහනක් තබා තිබුණි. එම කවරයේ සඳහන් කර තිබුණ අධ්‍යක්ෂවරයාගේ නම ‘ජී.එස්.පතිරණ’ නම් විය.

සිද්ධිය සම්බන්ධ පෙර ගොසිප් ලංකා වාර්තාව මෙතැනින්
එම කවරය පහතින්