ඊයේ පැවති ඇමරිකාවේ ජනපතිවරණ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වන හිලරි ක්ලින්ටන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පළමු රූපවාහිනී සජීවී විවාදයේදී ජය හිමිවූයේ හිලරිට බව මැදහත් දේශපාලන වාර්තා රැසක් වාර්තා කර තිබේ.

බ්‍රිතාන්‍ය බීබීසිය ඒ ගැන වාර්තා කළේ ‘එය නීතිඥයෙකු සහ සේල්ස්මන් කෙනෙකු අතර  සටනක් වූ  බැවින් බොහෝ අවස්ථාවන්හි නීතිඥ මත මතුවී පැහැදිලිව ගලා ආවේය‘යනුවෙනි.


 හිලරි ක්ලින්ටන් රාජ්‍ය ලේකම්, හෝ සෙනෙට් සභික හෝ පෙර ජනාධිපති ආර්යා තනතුරු දැරීම හා ඇය නීතිඥයකු වීම මත කථාබහේදී අත්දැකීම් වැඩි බව පෙනී ගිය බවත් ඇගේ පරිපාලන දක්ෂතා ගැන ඉදිරි බලාපොරොත්තු මතුවන බවත් බීබීසිය වාර්තා කර ඇත.
කෙසේ වෙතත් ට්‍රම්ප් එහිදී දැක්වූ අදහස් සුළු කොට තකන්නට නොහැකි බවත් ඔහුගේ ඇතැම් අන්තයන් සම්බන්ධයෙන් කැමැත්තෙන් පසුවන අයට ඔහු වඩා හොඳට පෙනෙන්නට ඇති බවත් වාර්තා කර ඇත.
තවත් විවාද ඉදිරියට පැවැත්වේ.

පහත පළවන්නේ හිලරි හා ට්‍රම්ප් පසුගිය දින කිහිපය තුළ ඇමරිකාවේ ස්වාධීන මත විමසුම් වල ඉදිරියෙන් සිටි ආකාරයයි