වනාතවිල්ලුවේදී ඩිමෝ බට්ටෙක් උඩුකුරුවී 
4 කට බරපතලයි

වනාතවිල්ලුව පොලිස් බල ප්‍රදේශයට අයත් වට්ටක්කන්ඩල්, ඉස්මයිල්පුරම් ප්‍රදේශයේදී (28) වන දින අළුයම සිදු වූ රිය අනතුරකින් එහි ගමන් ගත් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වනාතවිල්ලුව රථ වාහන පොලිසිය සදහන් කරයි.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ පුත්තලම සිට වනාතවිල්ලුව දෙසට ධාවනය වෙමින් තිබු
ඩීමෝ බට්ටා වර්ගයට අයත් සැහැල්ලු ලොරි රථයක් බවත්, අදාල ලොරි රථය ධාවනය කල රියදුරු අධික නිදිමතින් ලොරි රථය ධානය කරමින් පැමිණි තිබ ඇති බවත්, වේගය පාලනය කර ගැනීමට නොහැකිව යාමත් සමග   ඉස්මයිල්පුරම් ප්‍රදේශයේ දී මාර්ගයෙන් පිටතට පැන පසෙක ඉදිකර තිබූ ස්මාරක කුළුණක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පරික්ෂණ පවත්වන වනාතවිල්ලුව රථ වාහන නිලධාරින් වැඩි සදහන් කරන්නේ.

අදාල රිය අනතුරින් ලොරි රථයේ ගමන් ගත් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා එම අවස්ථාවේදීම පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබූ බවත්, මෙලෙස තුවාල ලබා ඇත්තේ වනාතවිල්ලුව ඩබ්ලිව්, පහ වගාව ප්‍රදේශයේ පදිංචි කරුවන් පිරිසක් බවත්, මොවුන් ඥාති නිවසකට ගොස් ආපසු නිවෙස් බලා එමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බව කියයි.
අනතුරින් ලොරි රථයට දැඩි අලාභ හානි සිදුව ඇති අතර, මේ වන විට ලොරි රථය වනාතවිල්ලුව පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇති බව කියයි. සිද්ධිය සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ නිලධාරින් පිරසක් පුළුල් පරික්ෂණ ආරම්භ කර තිබුණි.  

සටහන සේයා රූ පුත්තලම කේ.ප්‍රියංකර