මේ වනවිට ජංගම දුරකථන හා ආශි‍්‍රත යෙදවුම් ජන ජීවිතය හා සම්බන්ධව සිටින ආකාරය එදිනෙදා ජීවිතයේ කටයුතු වඩාත් පහසු කර තිබෙනවා.
පසුගියදා ඝාතනය කර තිබී සොයාගත් බම්බලපිටියේ
කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් ශානිබ් සුලෙයිමාන්ගේ සිරුර හඳුනා ගැනීමේ ක‍්‍රියාවලියටද
මෙවැනි එක් යෙදවුමක්වූ වට්ස්ඇප් උදව්වී ඇත.
24 වැනිදා සවස 2.00 ට පමණ බම්බලපිටිය පොලිසිය වෙත මාවනැල්ල පොලිසියෙන් මෙම මළසිරුර මාවනැල්ල හෙම්මාතගම මාර්ගයේ හෙලක වැටී තිබූ බව කියූ නමුත් එය ඒ වනවිට අතුරුදන්වූ සුලෙයිමාන්ගේ බවට සැකයක් පමණක් පැවතිණි.
මාවනැල්ල හෙම්මාතගම මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතියට සම්බන්ධ වී සිටි සේවකයන් පිරිසක් දැක තිබූ මේ මළ සිරුර අතුරුදන්වූ සුලේමාන්ගේ ද යන්න තහවුරු කර ගැනීමට
පොලිසියේ දැනුම්දීම මත සුලේමාන්ගේ මාමා කෙනකු මාවනැල්ලට ගොස් තිබූ අතර මළ සිරුරේ ඡායාරූපයක් ඒ මොහොතේම තම ජංගම දුරකථනයෙන් ලබාගත් මාමා එය සුලේමාන්ගේ බිරිඳගේ ජංගම දුරකථනයට වට්ස්ඇප් කර තිබුණා.
මියගිය පුද්ගලයා ඇඳ සිටි ඇඳුම් සහ ශරීර ලක්ෂණ අනුව මේ සිටින්නෙ තම සැමියා බව ඇය හඳුනාගෙන තිබුණි. ඉන් පසුව සුලෙයිමාන්ගේ පියාද එහි ගොස් එය තහවුරු කරන ලදි.