ලබන අගොස්තු මාසයේ රියෝ ද ජැනයිරෝ නුවර පවත්වන්නට නියමිත 2016 ඔලිම්පික් තරගාවලියේ



සියලූම මලළ ක‍්‍රීඩා ඉසව් රුසියාවට තහනම් කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කර තිබුණ අතර පසුගිය බදාදා රුසියානු ක‍්‍රීඩා කණ්ඩායම මේ ගැන නැවත කළ ඉල්ලීමද ඉවත දමා ඇතැයි වාර්තාවේ.
මෙම තහනමට හේතුව පසුගිය කාලය පුරා ජාත්‍යන්තර මලළ ක‍්‍රීඩා ඉසව් සෑම එකකදීම දිගින්දිගටම රුසියානු ක‍්‍රීඩකයින් තහනම් උත්තේජක චෝදනා වලට ලක්වීමත් ඒ පිළිබඳ කළ පරීක්ෂණ වලදී ඒ සියල්ල සිදුවන්නේ ක‍්‍රීඩකයන්ගේ පුද්ගලික උවමනාවන්ට නොව රුසියානු රජයේ අනුග‍්‍රහයෙන් බව ඔප්පුවීමය.
මේ නිසා රැසියාවට ඔලිම්පික් උළෙලේ අනෙක් තරග සඳහා පෙනී සිටින්නට හැකි වුවත් මලළ ක‍්‍රීඩා ඉසව් වලට පමණක් පෙනී සිටින්නට බැරි ලෙස තහනම පැනවිණි.
මේ තීරණය නිසා නවක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් රැසකට සිය අනාගතය සම්බන්ධ ගැටලූ පැනනගින බව දක්වමින් රුසියානු මලළ ක‍්‍රීඩක සංගමය අභියාචනයක් ගොනු කර තිබුණත් එය ප‍්‍රතික්ෂේප වී තිබේ.
ලබන අගොස්තු මාසයේ ඇරඹෙන මෙවර ඔලිම්පික් උළෙලේ නිශ්චිතවම ලබාගන්නට හැකිව තිබුණ රන් පදක්කම් 6 ක් මේ නිසා රුසියාවට අහිමිව යනු ඇතැයි වාර්තා වන අතර අවසාන පදක්කම් සටහනේදී අංක එක ඇමරිකාව අංක දෙක චීනය ලබා අංක තුන රුසියාවට ලබාගන්නට තිබෙන ඉඩ ඉවත්ව එම ස්ථානය බි‍්‍රතාන්‍යයට ලැබෙනු ඇතැයිද අනාවැකි පළව තිබෙනවා.