මෑතකදී පත්වීමක් ලැබූ රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා එම ධුරයෙන් ඉවත්වීමට අද (26) ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමේ ලිපියක් භාරදීමක් හා එය ජනපතිවරයා ප‍්‍රතික්ෂේප කිරීමක් පිළිබඳ
අලකලංචියක් වාර්තා වෙනවා.

ඔහු එම ඉල්ලා අස්වීම ලබාදී ඇත්තේ අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භවීමට පෙරය.
මෙයට හේතුවී ඇත්තේ පත්තරයක පළවූ ලිපියකි.  ජනාධිපතිවරයා විසින් රංග කලංසූරිය භයානක පුද්ගලයකු බවට හා ඔහු ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කොටවන්නට කටයුතු කරන්නකු බවට කියා ඇති කතාවක් එම පත්තරයේ පළවී තිබී ඇත.
පසුගිය සතියේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිවරයා මේ කාරණා කියූ බවටද එහි සටහන්ව තිබී ඇත.
අදාළ කරුණ අස්‍ය බවට ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් නිවේදනය නොකිරීම නිසා කලංසූරිය මහතා මෙසේ ඉල්ලා අස්වීමට ලිපිය භාරදීමට ගොස් තිබිණි.
කෙසේවුවද ඉල්ලා අස්වීම බාර නොගත් ජනපතිවරයා පවසා ඇත්තේ පුවත්පත්වල ඇති කාරණා ගණන් නොගන්නා ලෙසයි.