ලබන දෙසැම්බරයේ ඇමරිකාවේදී පවත්වන්නට නියමිත ලෝක රූ රැජිණ තරගය සඳහා එංගලන්තය නියෝජනය කරන්නට තෝරාගන්නා සුරූපිණිය තෝරාගැනීම සඳහාවූ තරගය පසුගියදා පවත්වනු ලැබුවා.
එහිදී එම කිරුළ දිනාගන්නට සමත්වූයේ 20 හැවිරිදි සරසවි සිසුවියකටයි. ප්‍රෙස්ටන් එලිසබෙත් නමැති ඇය මනෝ විද්‍යා විෂය හදාරන්නියකි.
ඇයට ස්ටර්ලින් පවුම් 67000 ක ත්‍යාග මුදලක්ද මෙම ජයග‍්‍රහණය නිසා හිමි විය.