ලෝකයේ අන්තර්ජාල පරිශීලකයින් චිත‍්‍රපට සංගීතාංග මෘදුකාංග ඇතුළු විවිධ දේ විශාල ප‍්‍රමාණයක් දිනපතා බාගත කරගන්නට උදව්කරගන්නා  ‘කික් ඈස්’ නමැති ටොරන්ට්ස් ෂෙයාරින් වෙබ් අඩවියේ හිමිකරු 30 හැවිරිදි යුක්රේන ජාතික වූලීන් නමැත්තා අද පෝලන්තයේදී අත්අඩංගුවට පත්වූ බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

ලෝකයේ මේ වනවිට ඉදිරියෙන්ම සිටින ටොරන්ට්ස් වෙබ් අඩවිය වන මෙමගින්

කර්තෘ අයිතිය සොරකම් කිරීම් කර ඇති වටිනාකම ඩොලර් බිලියන ගණනක් බවට චෝදනා නගා ඇත.
කර්තෘ හිමිකම් ඇති වටිනා නිර්මාණ නොමිලේ බෙදාහැරීමට භාවිත වෙන මෙම ටොරන්ට්ස් වෙබ් අඩවි මගින් පරිගණක වලින් තවත් පරිගණක වලට ජාලගත සම්බන්ධයක් ඇති කරවා 
එම ෆයිල් බෙදාහදාගන්නා අතර (පියර්-ටු-පියර්) එකවර අයිපී විශාල ප‍්‍රමාණයක් මාරු කරමින් එකම ෆයිලය ලොව පුරා කොටස් කර විසුරුවන නිසා එම සොරකම් කළ ස්ථාන හඳුනාගන්නට බැරි කරවනු ලබයි.
මේ නිසා මෙම ක‍්‍රමය නීතියේ රැහැනට හසුකරන්නට මේ දක්වා අසමත්ව ඇත.
මින් කලකට ඉහත ‘පයරෙට් බේ’ නමැති මේ ආකාරයේම ටොරන්ට්ස් වෙබ් අඩවියේ හිමිකරු බි‍්‍රතාන්‍ය පොලිසියේ රැහැනට හසුවුවත් තමා හුවමාරු කළේ වෙනත් අයගේ ෆයිල් බව ඔප්පු කිරීම නිසා ඔහු චෝදනා වලින් නිදහස් විය.
ටොරන්ට්ස් වෙබ් අඩවි දහස් ගණනක් තවමත් ක‍්‍රියාන්විතයේ පවතින නිසා නීතිය මගින් මෙය වළක්වාලීමට උත්සාහ දැරීම අර්ථ විරහිත කරුණක් බව තාක්ෂණික විශේෂඥයින් පෙන්වා දෙයි.