වෛද්‍ය සභාවට එරෙහිව නඩු කියන
කටකාර සයිටම් සිසුවිය දිල්මි



මේ වනවිට මාළඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව රට පුරා විරෝධතා කථාබහක් ඇතිව තිබේ. රෝහල් වෛද්‍ය වර්ජන උද්ඝෝෂණ මෙකී නොකී විවිධ විරෝධතා මැද තවමත් එම ආයතනය පවත්වාගෙන යනු ලබයි.
මේ අතරවාරයේ රැල්ලට විරුද්ධව නඩු කියන්නට ඉදිරිපත්වූ තරුණියක ගැනද අසන්නට ලැබේ. කටකාර තරුණියක බව කියන ඇය පිළියන්දල පදිංචි දිල්මි සූරියආරච්චිය. මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධිය අවසන් කර ඇති දිල්මි සරසවි මට්ටමින්
සමස්ත ලංකා ඉංග‍්‍රීසි කථික තරග ජයග‍්‍රහණය කළ අයෙකු ලෙසද ප‍්‍රකටය.
ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව ප‍්‍රධාන වග උත්තරකරු කරමින් රිට් පෙත්සම ගොනු කොට ඇය කියා ඇත්තේ මාලබේ වෛද්‍ය විද්‍යාලයේ උපාධිය අවසන් කළ තමා වෛද්‍ය උපාධිධාරිනියක් ලෙස සලකා වෛද්‍යවරියක් වශයෙන් ලියාපදිංචි වීමට කරන ලද ඉල්ලීම වෛද්‍ය සභාව විසින් ප‍්‍රතික්ෂේප කර ඇති බවයි.
ඇය ගොනු කළ පෙත්සමට එරෙහිව මැදිහත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව පහක් විසින් මේ වනවිට ඉල්ලීම් කර ඇති අතර එය පිළිගත් අභියාචනාධිකරණය ලබන මස 02 දින එම පෙත්සම් විභාගයට ගැනීමට තීරණය කර ඇත.
අභියාචනාධිකරණය හමුවේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙත්සම්කාර වෛද්‍ය සිසුවිය වෙනුවෙන් කරුණු දක්වා ඇත.
ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අක‍්‍රම් මොහොමඞ් මහතා පවසන්නේ
1927 අංක 26 දරන වෛද්‍ය ආඥා පනත යටතේ නිසි පුහුණුවක් නොමැති අයකු වෛද්‍ය ක්ෂේත‍්‍රයට ඇතුළත්වීම වැළැක්වීමට වෛද්‍ය සභාව බැඳී සිටින බවය.
මාලබේ වෛද්‍ය විද්‍යාලයේ තත්ත්වය පිරික්සූ මහාචාර්ය වෛද්‍යවරුන් දස දෙනකුගෙන් යුත් කමිටුවක් වාර්තා කොට ඇත්තේ මෙම වෛද්‍ය විද්‍යාලය අවම වශයෙන් සපුරාලිය යුතු අවශ්‍යතාවන්වත් සපුරා නොමැති බවය.
වෛද්‍ය උපාධිධරයකු තබා වෛද්‍ය ශිෂ්‍යයකු වශයෙන් හෝ පිළිගැනීමට හැකි මට්ටමක එහි කටයුතු නොපවතින බව එම කමිටුව වාර්තා කොට ඇති බවද ඔහු ප‍්‍රකාශ කර ඇත.
පෙත්සම ඉදිරියේදී විභාග වෙයි.
තමන්ට අසාධාරණයක් සිදුව ඇති බවට හඬ නගන සයිටම් සිසුවිය පසුගිය වසරේ ‘ස්පීච් මාස්ටර්ස්’ තරගාවලියේ ඉදිරිපත් කළ කතාව පහතින්