ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් ඇතිවූ දේශපාලන ආරවුල ගැන එම පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වා මෙවර සතිඅන්ත පුවත්පතකට පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.
අවසන් කාලයේ ජවිපෙ සෝමවංශට වෙනස්කම් කළ බව කියමින්
අවසන් කටයුතු

පැවති කනත්ත ජවිපෙට තහනම් කලාපයක් කරවූ පෙරටුගාමීන් හා වීරවංශ සගයන් අවසන් මොහොතේ රතු විප්ලවකරුවෙකුවූ සෝමවංශගේ දේහය සහිත මිනී පෙට්ටියට ජාතික කොඩියක් අතුරා අගෞරව කළ බවත් ඔහු කියනවා.
එය සිදුව ඇත්තේ විමල් පිලේ ගුණදාස අමරසේකරයන්ගේ අදහසකට බවත් ඔහු පවසයි.
තමන්ට ඕනෑ තරම් ස්ටේජ් ඇති බවත් මේ අවමගුල විකුනා කෑමේ පහත් අරමුණක් තම පක්ෂයට නොවූ බවත් පෙන්වාදෙන ටිල්වින්
මේ ආකාරයට පොරකමින් අවමංගල කටයුතු වලට රටට පේන්නට විච්චූරණ කළද ඔවුන් මතක බණට හෝ හත් දවසේ දානයට ආවේ නැති බවත් ඒ සඳහා ජවිපෙ පමණක් සහභාගී වූ බවත් ටිල්වින් සිල්වා වැඩිදුරටත් කියා ඇත.