වියදම් කර ඉගැන්වූ පසු 
කොන්දොස්තර පෙම්වතාව එපාවූ නිසා 
ගුරුවරියව මරා තමුනුත් මැරෙන්න හදලා

අම්පාර ප‍්‍රදේශයේ කොන්දොස්තර වෘත්තියේ නිරත බව කියන පෙම්වතෙකු ගුරු වෘත්තියේ යෙදෙන ඔහුගේ පෙම්වතියව පාළු ප‍්‍රදේශයකදී කපාකොටා මරාදමා ඇතැයි වාර්තාවෙනවා.
මෙම අවාසනාවන්ත ඝාතනයට හේතුවී ඇත්තේ තම වියදමින් වැඩිදුර ඉගෙනගෙන ගුරුවරියක බවට පත්කරවූ පසු තමන්ගේ වෘත්තිය පහත් කරමින්
තමුන් අතැරදමා යන්නට ඇය ගුණමකුවූ බව කියමින් කොන්දොස්තර පෙම්වතාට හටගත් කෝපයකි.
තම පෙම්පළහිලව්ව වැඩිදුර කථාකරන්නට අවශ්‍ය බව කියමින් ත‍්‍රීරෝද රථයකින්
අම්පාර කොණ්ඩවටුවාන වෙල්යාය වෙත ඇය රැගෙන ගිය ඔහු  දැනට පාසලේ ගුරුවරයෙකු සමග ඇති කරගෙන තිබෙන සම්බන්ධය නතර කරන ලෙස ඇගෙන් ඉල්ලා ඇතත් ඇය එයට එකඟවී නැත.අනතුරුව ඇතිවූ බහින්බස්වීමෙන් පසුව පෙම්වතා ගුරුවරියට පිහියෙන් ඇන මරා ඔහුද වස පානය කර මියයන්නට උත්සාහ දරා ඇත.

සිද්ධියෙන් පෙම්වතිය මියගියත් පෙම්වතා මියගියේ නැත. ඔහු බරපතල රෝගී තත්වයෙන් තවම ප‍්‍රතිකාර ලබමින් පසුවේ. මියගොස් ඇත්තේ අම්පාර සේනාගම ප‍්‍රදේශයේ 31 හැවිරිදි ලීලා හෙට්ටිආරච්චි නමැති ගුරුවරියකි.
පෙම්වතා අම්පාර මහ රෝහලට ඇතුලත් කර ඇත.
ඔහු හුන්නස්ගිරිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අම්පාරේ නවාතැන්පළක ලැගුම්ගෙන සිටියදී රැකියාවට ගොස් ඇත.
පාළු ප‍්‍රදේශයේ පෙම්වතිය මරාදැමීමෙන් අනතුරුව පැය එක හමාරකට පමණ පසුව ඔහු සේවය කරන බස්රථයේ රියදුරාට ඇමතුමක් ලබාදි කියා ඇත්තේ
”මම වහ බීලා ඉන්නවා පොලිසියත් එක්ක ඉක්මණට එන්න” යනුවෙනි. මෙම සිද්ධිය ගැන අන්අය දැනුවත්වූයේ ඉන් පසුවයි.
තමන් කොන්දොස්තර යයි කොන් කර තමා සමග ඇති පේ‍්‍රම සම්බන්ධය නවතා ගුරුවරයෙකු සමග ඇය පේ‍්‍රම සම්බන්ධයක් ආරම්භ කරන ලද ඇය තමාට ගුණමකුවූ බවත්
ඇයව ගුරුවරියක් කිරීමට තමන් වසර ගණනාවක් මුදල් හම්බ කරමින් වෙහෙසුණ බව ඇය අමතක කර ඇති බවත් පෙම්වතා පවසා ඇත.
ඔහුගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි හෙළි කරයි.
වැඩිදුර පරීක්ෂණ අම්පාර පොලිසිය සිදු කරයි.