ලබන 30 වනදායින් පසු වත්මන් මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ සේවා කාලය අවසන්වන බැවින් ඉන්පසු මහබැංකු අධිපති ලෙස දැනට කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධූරය දරන එරාන් වික‍්‍රමරත්න මහතා පත්කිරීමට යන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකු වන එරාන්
ආර්ථික විද්‍යාව පිළිබඳ Bsc හා Msc උපාධි ලබා ඇති

අයෙකි.දේශපාලනයට එන්නට පෙර බැංකු ප්‍රධානියෙකුවූ ඔහු NDB බැංකුවේ ප්‍රධාන විධායකවරයා ලෙසද කටයුතු කර ඇත.ICTA යේ පුරෝගාමී සභාපති වූයේද ඔහුය.

එරාන් වික‍්‍රමරත්න මහතා කොළඹ දිස්ත‍්‍රික්කයෙන් ආසනයක් දිනාසිටින එජාප මන්ත‍්‍රීවරයෙකි. ඔහුගෙන් හිස්වන අසුන ඊළඟට ලැබෙන්නට නියමිතව ඇත්තේ මහමැතිවරණයට තරඟවැදුණු රෝසි සේනානායකටය.

මින් ඉහත පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව ලැබී තිබුණත් පසුගිය මැතිවරණයේදී ඇයට ආසනයක් ලැබුනේ නැති අතර ඒ වෙනුවෙන් ඇය මැතිවරණ ගණනය නැවත සිදුකරන ලෙස ඉල්ලා නීතිමගටද පිවිස තිබුණි.