පසුගිය සතියේ විශේෂ පුවතක් බවට පත්ව තිබුණ මහරගම පිළිකා රෝහලට මිලියන 200 ක මහජන ආධාර වලින් පෙට් ස්කෑනරයකට මුදල් එකතුකිරීමේ කතාව පසුපස අසන්නට ලැබුණ තවත් එක් සිදුවීමක් වාර්තා වෙනවා.
එම මුදල් ආධාර ලංකා බැංකුවේ ගිණුමකට බැරකරන්නට මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරණයන් සිදුවෙද්දී ලංකාව පුරා විවිධ ආදායම් මට්ටම් ඇති අය
තමන්ට හැකි කුමන හෝ මුදලකින්
බැංකු වලට ගොස් ආධාර ලබාදෙන්නට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව තිබුණි.
දිවයිනේ පිහිටි ලංකා බැංකු ශාඛා 635 ටම මේ අරමුදල වෙනුවෙන් ජනතාව මුදල් බැර කිර තිබීම විශේෂත්වයකි. එහි ඇතැම් අය ලක්ෂ කෝටි ගණන් මුදල් ලබාදුන් අතරම අඩුම මුදල ලෙස රුපියල් 50 බැගින් ආධාර දුන් රාශියක්ද සිටි බව විගණනයේදී හෙළි විය.
මේ ආකාරයට ආධාර ලබාදුන් මතුගම ප‍්‍රදේශයේ කාන්තාවක ගැන තොරතුරු සොයායන්නට පසුගියදා මාධ්‍ය කටයුතු කර තිබුණා.
එම කාන්තාව පළා විකුණා ජීවිතය සරිකරගන්නා කාන්තාවකි. දවසේ සාමාන්‍ය ආදායම රුපියල් 300 ක් පමණය. ඇය රූපවාහිනියෙන් මෙම ආධාර වැඩසටහන දැක පිළිකා අරමුදල වෙනුවෙන් රුපියල් 50 ක මුදල මතුගම ප‍්‍රදේශයේ බැංකුවට ගොස් තැන්පත් කර ඇත්තේ ඒ ගැන දැඩි කැමැත්තෙනි.
‘මේ ගාණෙනුත් කාටහරි යහපතක් වෙනවනං එච්චරයි“ කියමින් ඇය එය ලබාදෙද්දී
බැංකුවේ අය ඇයගේ මුදල ඉතා ඉහළින් පිළිගෙන තිබෙන අතර සුළු මුදලක් වුවත් ඇය දැරූ දායකත්වය මුදලේ අගයට වඩා වටිනා බව පවසා ඇයව පසසා තිබිණි.
මේ වනවිට ඇනවුම් කිරීමට කටයුතු කර ඇති පෙට් ස්කෑනරය ළඟදීම සාමාන්‍ය ජනතාව වෙනුවෙන් සේවය කරන්නට ලංකාවට පැමිණෙනු ඇත.