මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට සේවා දිගුව නවත්වන ලෙසට බලකරමින් ඒකාබද්ධ විපක්ෂය අද  කොළඹ කොටුවේ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙයි.
ඒ අතරතුරදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සහ ශ්‍රියානි විජේවික්‍රම මහත්මියගේ සිරුර උඩට යකඩ බාධක කඩා වැටී හදිසි අනතුරකට
ලක්ව කොළඹ

ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවද වාර්තා වුණා.

මන්ත‍්‍රීවරයා  හා මන්ත්‍රීවරිය පොලිස් මාර්ග බාධකයක් පසුකර යෑමට උත්සහ කළ අවස්ථාවේදී මෙලෙස අනතුරකට ලක්ව ඇති බව වාර්තා වුණා.පොලිස් මාර්ග බාධක තල්ලු කරමින්  පිරිස ඉදිරියට යාමට තැත් කිරීමේදී එම බාධකය ඔවුන් දෙදෙනාගේ සිරුර මතට වැටීමෙන් තුවාල ලැබූ බව සිද්ධිය දුටුවන් වාර්තා කර තිබෙයි.
මෙම විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් කොළඹ කොටුව-ලේක් හවුස් අවට ප‍්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක්ද ඇතිව තිබේ.
මේ අතර කෝප් කමිටුව එළිදැක්වීමට නියමිත වාර්තාව පැමිණෙන තෙක් තමා නැවතත් මහ බැංකු අධිපති තනතුර බාර නොගන්නා බව මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාද අද පවසා තිබෙන අතර මින් ඉහත කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත මහ බැංකු අධිපතිගේ සේවා දිගුව නවතා ඇති බවට අගමැති හා ජනපති තීරණය කළ බවද පවසා තිබේ.
මෙම විරෝධතාවය ගෙන යන්නේ එම ප‍්‍රශ්නයට විසඳුම් ලබා තිබියදීය.