යකඩ බාධකයේ රෝහිතගේ ඔලූව හිරවී ලේ පෙරාගෙන ඇද වැටෙන හැටි(video)

අද දහවල් ඒකාබද්ධ විපක්ෂ විරෝධතාවයක් අතරතුර පොලිස් බාධකයක් තෙරපමින් ඉදිරියට ඇදෙන්නට හැදූ මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන තුවාල ලද ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ සමග පළවේ.
රෝහිත ඇතුළු පිරිස
බාධකය තල්ලූ කර ඉදිරියට යන්නට හදද්දී
එම යකඩ බාධකය බිමට වැටෙන්නේ රෝහිතගේ හිස එම කූරු අතර සිරවෙමිනි. මේ නිසා එම බාධකය සමගම ඔහුද ඇද වැටෙන අතර පවතින තෙරපුම නිසා ඔහුගේ ගෙල හා හිස අතර යකඩ කූරු වල ගැටී ඔහුට ලේ ගලන තුවාල ඇතිවේ.
පසුව අවට සිටි අය ඔහුව කූරු අතරින් මුදාගෙන වහාම රෝහලට රැගෙන යන හැටි වීඩියෝවේ දැක්වේ.
සිද්ධියේ දෙරණ වීඩියෝව හා ඡායාරූප පෙළක්  පහතින්