මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය නිසා අපකීර්තියට පත්ව සිටින මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ සේවා කාලය
යළි දීර්ඝ නොකරන්නට රජය තීරණය කර තිබේ.
ඔහුගේ සේවා කාලය ළඟදී අවසන්වූ පසුව එය නැවත දීර්ඝ කරන්නට එජාප රජය සූදානම් වන බවටත්
ශ‍්‍රීලනිප
ප‍්‍රමුඛ අනෙක් පක්ෂ එම තීරණය හෙළාදකින බවටත් පසුගිය දිනවල කථා ඇති විය.
කෙසේ වෙතත් මේ ගැන විවිධ ඇමතිවරු විවිධ අදහස් පළ කර තිබුණ නමුත් අවසන් රජයේ තීරණය ඊයේ කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක රාජිත සේනාරත්න මාධ්‍ය වෙත දන්වා සිටියේය.
ඒ අනුව ඔහු පවසා සිටියේ මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ සේවා කාලය යළි දීර්ඝ නොකරන බවයි. පසුගියදා සිවිල් සංවිධාන සමග අගමැති රනිල් පැවැත්වූ සාකච්ඡාවකදී අගමැතිවරයා මෙම තීරණය මුල්වරට ප‍්‍රකාශයට පත් කළ බවත් වෙනත් මහ බැංකු අධිපතිවරයෙකු ළඟදීම පත්කරනු ඇති බවත් ඔහු දැනුම් දුන්නේය.